Tel : 0712501063 | E-mail : info@rakasl.com

KA-52 Alligator

රුසියානු ගුවන් හමුදාවට අයත් K.A.52 ඇලිගේටර් යානය 1997 ජූනි මස සිය පළමු පියාසැරිය සිදුකලේය.( ඇලිගේටර් යනු කිඹුල් කුලයට අයත් අති බිහිසුණු සත්වයෙකි. මෙම ප්රනහාරක හෙලිකොප්ටරය ද මේ නමින් හඳුන්වන්නේ මෙහි පවතින්නා වූ බිහිසුණු ක්රිණයාකාරිත්වය නිසාවෙනි. )
මෙම අධිබලැති යානයට ක්ෂණයකින් ඉතා අඩු වේගයක් ලබාගත හැකිවීම ද ඒ සමාන කාලෙයකින් අධික වේගයක් ලබාගත හැකිවීමත් කුරුළු පිහාටුවක් මෙන් සැහැල්ලුවෙන් ඒ මේ අත හසුරුවමින් කරණම් ගැසීමේ හැකියාවද ලෝ පුරා සිටිනා වූ ගුවන් යානා විශේෂඥයන්ගේ නොමඳ අවධානයට ලක්විය.
කමොව් K.A.50″කළු මෝරා” නම් විශිෂ්ට හෙලිකොප්ටරය තවදුරටත් වැඩි දියුණු කර K.A.52 “ඇලිගේටර්” යානය නිපදවන ලදි.
මෙම යානා දෙවර්ගෙයේම ප්ර ධාන විශේෂත්වය වන්නේ එකිනෙකට ඉහලින් සාම්ප්රොදායික හෙලොකොප්ටරය පවතින ආකරයේ මෙන් නොව එකිනෙකට ඉහලින් සවිකල තලබමන දෙකක් ම යොදා ගැනීමයි ඒවා එකිනෙකට විරුද්ධ දිශාවන්ට භ්රනමණය වන අතර අධිතාක්ෂණික හා සූක්ෂම ක්රිපයාදාමයක් මඟින් එය පාලනය වේ.
මෙම යානයට බලය සපයනු ලබන්නේ අශ්ව බල4400 බලැති ක්ලිමොව් ටර්බොෂාෆ්ට් එන්ජින් දෙකකිනි.
උපරිම වේගය පැ.කි.350 කි
ඉහළ නැගීමේ වේගය 10 m/s (32.8 ft/s) ක ඊට අමතරව පසුපසට හා පැත්තට පැ.කි.100 ක වේගයකින් පියාසර කල හැක.
කාර්යය මණ්ඩලය :- 2 යි
යානයේ දිග :- 16m යි (අඩි52 යි අඟල් 6 යි )
යානයේ උස :- 4.93m (අඩි16 යි අඟල් 2යි )
හිස් ව ඇති විට බර :-7,700 kg
බර පැටවූ පසු බර:- 10.400 kg
ගුවන් ගත වන විට ගෙන යා හැකි උපරිම බර :- 10.800 kg
ප්රනහාරක ආවරණ පරාසය :-.470Km
පියාසර කළ හැකි උපරිම උස පරාසය :-අඩි 18000
ඉන්ධන නොමැතිව පියාසර කල හැකි දුර:-1160 km

රැගෙන යා හැකි ආයුධ

*මෙහි සවි කර ඇති.30mm shipunov 2A42 අධිබල කාලතුවක්කුව ප්ර0ධාන තැනක් ගනී.
මෙහි විනාඩියකට ෂෙල් උණ්ඩ 4000ක් පිටකල හැකි අත වට 400කින් සමන් විතය. ගුවන් යානා හා යුධ ටැංකි නාශකයක් ලෙස මෙය ක්රිඋයා කරයි

පියාපත් යට සවි කළ හැකි ආයුධ වර්ගයන් මෙසේය………
*රොකට් වර්ග
*80×80 S-8 හා 20X122 S-13 රොකට්
*මිසයිල වර්ග
*2xAPU මිසයිල රඳවන 6ක්
* 9K121 Vkhr යුධ ටැංකි නාශක මිසයිල 12ක් (අවශ්ය තාවය අනුව වෙනස් කල හැකි )

*R-73 ගුවන් යානා නාශක මිසයිල
*ලේසර් මඟින් මග පෙන්වනු ලබන Kh-25 මිසයිල ( භූමියට ප්රුහාර එල්ල කිරීම සඳහා )
බෝම්බ
*කි.ග්රැෙ.250×4 ක් හෝ කි.ග්රැ(.500×2 ක්
වෙනත්
*23mm පතොරම් වට දහසක් සහිත ද්විත්ව බැරල් මැෂින් තුවක්කු දෙකක්
* UPK-23-250 වර්ගයේ මැෂින් තුවක්කු 4ක් හෝ
* GUV-8700 වර්ගයේ මැෂින් තුවක්කු 4ක්
*පියාපත් තුඩෙහි සහිකල හැකි”ඉග්ලා” මිසයිල
*ලීටර 500 යේ අමතර ඉන්ධන ටැංකි
මෙහි ප්ර ධාන ලෙස නියමුවන් ගේ ආරක්ෂාව පිලිබඳ වැඩි අවදානයක් යොදා ඇත, වෙඩි නොවදින ලෙස නියමු කුටිය සකසා ඇත

ලොව ප්රකථම වතාවට හෙලිකොප්ටරයක හදිසි අවස්ථාවක දී නියමුවා ආරක්ෂිතව යානයෙන් පිටතට යැවිය හැකි ක්ර ම වේදයක් අන්තර්ගත වේ.
ඕනෑම කාළගුණික තත්වයක් යටතේ වුවද පියාසර කල හැකි මෙය නියමුවන් රහිතව ක්රිියා කිරීමේ හැකියාව ද ඇත.
නියමු හෙල්මටයට සවිකර ඇති අධි තාක්ෂනික උපකරන නිසා ඉතා ඉක්මනින් හා නිවරිදිව ඉලක්ක හදුනාගෙන විනාශ කළ හැක.නියමුවන් දෙදෙනාටම යාන්ව පැදවිය හැකි අතර ඉලක්ක හදුනාගැනීමටත් රාත්රීව කාලයේ 10km ක් දක්වා දුර දැකිය හැකි උපකරණය ගුවන් දත්ත විශ්ලේෂක ආයුධ හැසිරවීමේ පරිඝනකද ඇතුලත් වේ
ආදි විශේෂාංග ඇතුලත් මේ හෙලිකොප්ටරය ලොව විශිෂ්ට ප්ර හාරක හෙලිකොප්ටරයන් අතර ප්රිමුඛ තැනක් උසුලයි…..ka50_2Ka-52-Alligator-Attack-Helicopter Kamov-KA-50-KA-52