Tel : 0712501063 | E-mail : info@rakasl.com

සෝවියට් දේශය රැක ගැනීමට නිපදවූ මිග් යානය

දෙවනි ලෝක යුධ සමය තුලදි තම සතුරන් හට ප්රහාර එල්ල කිරීම සඳහා ප්රහාරක යානා වල අවශ්යතාව රුසියාවට තදින්ම දැනුනි.ඒ සඳහා ප්රහාරක යාන නිර්මාණය කිරීම සඳහා විශේෂ කාර්යාංශයක් පිහිටුවිනි.ආර්ටෙම් මිකොයන් හා මිකයිල් ගුරෙව්විච් නම් වූ විශිෂ්ට නිමැවුම් කරුවන් දෙපළ මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී….මොවුන් ගේ නම් දෙකේ මුල් අකුරු දෙක එකට එකතු කල විට සැදුනේ මිග් යන නමයි…. ඒ අනුව එම කාර්යංශය නිපදවූ ප්රහාරක යානා නිසල අහසට නැගී මුලු අහස්තලයම සසල කලේය..

1939 දී මිග් යානයේ නිෂ්පාදන කටයුතු ඇරඹුනේ පොලිකපොව් ඉදිකිරීම් කාර්යංශය මගිනි ඔවුන්ගේ අදහස වූයේ මෙම යානයට 1-180 එන්ජිම ගැලපෙන බවයි එහෙත් එවකට ඒ.එම්.37 එන්ජිමක් ද නිෂ්පාදනය කෙරිනි එම එන්ජිම සැහැල්ලු ප්රහාරක යානා සඳහා වඩාත් සුදුසු බව තීරණය කෙරිනි එම එන්ජිම නිසා ගුවන් යානයට පැ.කි.670 තරම් වේගයක් ලැබිනි..
මේ අතර තුරේ දි පොලිකොපොව් සොවියෙට් නායකයා වූ ස්ටාලින් සමඟ ආරවුලක් අති කර ගත් නිසා ඔහු ජර්මනියට පිටත් කර යැවිනි ඉන් පසු මෙම ඒකකය භාර වූයේ මිකොයාන්-ගුරෙවිච් දෙපලටයි..
1940 අප්රේල් 5 වෙනිදා ප්රථම වරට මෙම යානය අහසට නැංවිමේ බලපොරොත්තුව අතිව මිග් යානය නිර්මාණය කෙරිනි
මීටර් 8.16 දිග මීටර 2.62 උස මෙහිඋපරිම පියාපරයනය මීටර 10.2ක් විය එක් පුද්ගලයකුට පමනක් යා හැකි මෙහි බර කිලොග්රෑම් 2062ක් වූ අතර
කිලොග්රෑම් 3093බරක් පැටවීමට හැක එහි වේගය පැ.කි.648කි

මේ වන විට ඒ.එම්.35 එන්ජිම සෝවියෙට් ගුවන් වේග වාර්තාව තබ තිබුනි ඒ අනුව එම නව එන්ජිම යොදා මංගල ගමන තවත් මාස කීපයකට පමා කෙරිණි.එහි ඉන්ධන ටැංකියෙ ප්රමාණය විශාල කරන්නට සිදුවිය
මේ සියල්ල අවසානයේ මිග් 1 ඔක්තොම්බර් 29 වන දින ගුවන් ගත කෙරිනි

මේ සියල්ල අවසානයේ මිග් 1 ඔක්තොම්බර් 29 වන දින ගුවන් ගත කෙරිනි ඉන් නොනැවතුන ඔවුන් මිග් යානා තව දුරටත් සංවර්ධනය කිරීම සිදුවිනි ඒ යුධ බිමේ දි වඩාත් කාර්යක්ශම වෙමින් සතුරාට පහර දීම සඳහා ශක්තිමත් විය යුතු බැවින් 1941 වසරේ දී අහසට නැංවීනි මිග් 3 යානය දෙවන ලෝක යුද්ධයෙදි සෝවියෙට් ප්රහාරක යානය ලෙස හැදින්විය..
මිග් 1 යානයට වඩා මෙහි කැපී පෙනෙන විශේෂතා ගණනාවක් තිබේ…එනම්,
*O -310 නව වතුර රේඩියෙටරය
*ලීටර250 ඉන්ධන ටැංකිය
*සතුරු ප්රහාරයකදී ගිනි ගැනීම අවම කිරීම සඳහා ගෑස් ඉවත් කිරීමෙ හැකියාව
* එන්ජිමට යටින් අති අමතර ඉන්ධන ටැංකිය
*ප්රධාන රෝදයේ ප්රමාණය අඟල් 25.5X7.83 දක්වාවැඩි කිරීම මේ අතරින් විශේෂ විය..
මේ සියළු දෑ අන්තර්ගත කිරීමෙන් පසු මිග් 3 1941 ඔක්තොම්බර් මස ගුවන්ගත කෙරින.

ඊලඟ වසර තුල මෙයින් යානා3600 ක් නිර්මාණය වූයේ මෙය යුද්ධයේ දී ඉතාවැදගත් ප්රහාරකයකු වූ බැවිනි.
1941 මාර්තු මස සිට සෑම දවසකම මිග් 3 යානා 10 බැගින් නිපදවිනි.ඒ වන විට ඇරඹී තිබූ අතර මේ මෙහෙයුම වෙනුවෙන් මිග් යානා1200 ට වඩා භාවිත කෙරිනි.
මිග් 3 යානයේ ගුණාංග
නියමුවන් ගණන-: 1යි
දිග-:මීටර 8.25
උස-:මීටර 3.50
උපරිම පියාපත් විහිදුම-:මීටර 10.20
රැගෙන යා හැකි බර-:කි.ග්රෑ.3355
උපරිම වේගය-: පැ.කි.640

ආයුධ-: යූ.බී.එස්. මැෂින් තුවක්කු හෝ SHKAS මැෂින් තුවක්කු සවිකර තිබූ මෙයට විෂ දියර ඉසීමටත් බෝම්බ හෙලීමටත් සුවිශේෂි හැකියාවක් තිබිණි.
සෝවියෙට් ගුවන් හමුදා පමණක් භාවිත කල මිග් 3 යානා කීපයක් ජර්මන් හමුදා විසින් අල්ල ගනු ලැබිනි. කෙසේ වුවද මිග් යානා දිනෙන් දින වඩ වඩාත් දියුණු තත්වයට පත් කරනු ලැබීය. මේ දියුණුවත් සමඟ මිග් නමය ඉදිරියෙන් ඇති අංකය වෙනස් විය…..

මිග් 7 1944
මිග් 9 1947
මිග් 15 1948
මිග් 17 1953
මිග් 19 1954 (මෙය ප්රථම සුපර් සොනික් මිග් යානය විය )
මිග් 21 1956 (මෙය එෆ්.4 ෆැන්ටම් යානය හා සම කාලීනයකු වේ. )
මිග් 23 1967
මිග් 25 1965
මිග් 27 1970
මිග් 29 1977
මිග් 31 1975
මිග් 33 1989
මිග් 35 2007
මිග් යානයේ මේ දියුණුව සඳහා සීතල යුද්ධයෙන් ඇති වූ බලපෑම විශේෂ වේ.

මේ අතරින් අපහට වැදගත් වන්නේ මිග්27 යානයයි පසු ගිය යුධ සමයේ දී සුවිශේෂි කාර්යභාරයක් මෙම යානා මගින් ඉටුවුනි.
මිග්27 අපරටට හඳුන්වා දුන්නේ 2000 වසර දී ය.
මිග් 27 ගොඩබිමට ප්රහාර එල්ල කිරීම සඳහ යොදාගනී..
අතිශයින් නවීන හා වේගවත් ලෙස පෙනෙන මිග් 27 යානය ලෝකයට තරමක් පැරණි යානයකි එය සොවියෙට් හමුදාවට එක්වී දශක කීපයක් ගෙවී ගොස් අවසන්ය.
තවද මේ යානා වන්හි විශේෂය වන්නේ බටහිර රටවල නිපදවන ලද නවීන ජෙට් යානා සමඟ උරෙනුර ගැටෙමින් සටන්කිරීමේ හැකියාවයි.කොරියන් යුද්ධය/යොම් කිපූර් යුද සමය/වියට්නාම් යුද්ධය ආදී බොහෝ යුධ පෙරමුණු වල දී බටහිර රටවල නිෂ්පාදිත ප්රහාරක ජෙට් යානා සමඟ සටන් කර යුධ ජයග්රහණ අත්කරගෙන තිබේ.
අද සෝවියට් දේශයද නැත.. එහෙත් එම රටේ දියුණු වූ තාක්ෂණය රුසියාව/යුක්රේනය වැනි රට වල අදටත් සංවර්ධනය වෙමින් පව මිග් 110/ මිග්105 වැනි යානා වර්ග කීපයක් ම ඇතිනමුත් ඒවා ප්රහාරක යානා නොවන බැවින් ඒ ගැන කථා නොකරමි.. මන්දයත් මිග් කී සැනින් අපේ සිහියට නැගෙණුයේ මුලු අහස් තලයම දෙදරවමින් වළකුළු දෙබෑ කරමින් පියාසරන යානාවක් නිසාවෙනි.
මේ ලිපියෙහි අවසානය නොවන බව සලකන්න අලුත් ඇරඹුමක් පමණි. ඉදිරියේ දී එක් එක් මිග් යානාවන් ඇතුලු අනෙකුත් යානාවන් සතු සුවිශේෂි ගුණාංග පිලිබඳ තවත් ලිපි පෙලක් බලාපොරොත්තු වන්න