Tel : 0712501063 | E-mail : info@rakasl.com

Russian Anti-Stealth Technology

රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණය කොටස් දෙකකින් සමන්විතය. එකක් අධි-සංවේදී බහු-තරංග රේඩාර් (Super-sensitive, multi-band radar) පද්ධතියකින් සමන්විත වන අතර අනෙක් කොටස මිසයිල වලට ලබාදී ඇති අධි-සංවේදී ඉලක්ක සෙවුම් උපකරණයි (Super-sensitive X band seeker).
Super-sensitive, multi-band radar
රුසියානු ස්ටෙල්ත් යානා නාශක තාක්ශණයේ වැදගත්ම කොටස වන්නේ අධිසංවේදී, බහු තරංග රේඩාර් පද්ධතියයි. මෙම පද්ධතිය, VHF, X band, S band හා L band තරංග පරාසවලින් සතුරු යානා සෙවීමට සමත්ය.
VHF තරංග මගින් ඉදිරියට එන සතුරු යානා හඳුනාගත හැකි අතර, S හා L තරංග නිකුත්කරන රේඩාර් මගින් යානාවල පැතිමගින් (sides) රේඩාර් තරංග පරාවර්තනය කොට ඡායාවක් ලබාදීමට හැකිය.මෙම බහු තරංග මගින් ලබාදෙන රේඩාර් පරාවර්තන ඩිජිටල් පරිවර්තක මගින් ඩිජිටල් සංඥා බවට හරවන අතර එම ඩිජිටල් සංඥා අතරින් ස්ටෙල්ත් යානාවලින් නිකුත්වන කුඩා රේඩාර් ඡායා හඳුනා ගැනීමට මෙම රේඩාර් පද්ධතියේ පරිගණක වැඩසටහන් වලට පුළුවන. ස්ටෙල්ත් යානයක රේඩාර් ඡායාවක් හඳුනාගත් වහාම එම තොරතුරු මිසයිල විදිනය වෙත යවන අතර විදිනය මගින් මිසයිලය ඉලක්කය වෙත එල්ල කොට දියත්කරයි.
Super-sensitive X band seeker + Mach 6 missile
මිසයිලය දියත්වුනු පසු, ඉලක්කය හඹායාමේ කාර්යය මිසයිලයේ ඇති ඉලක්ක සෙවුම් උපකරණයට (target seeker) භාරවෙන අතර මෙය X රේඩාර් සංඥාවලට සුපිරි සංවේදීත්වයක් දක්වයි. රේඩාර් පද්ධතියේ ඇති X කාණ්ඩයේ රේඩාර් තරංග, හඳුනාගත් යානය වෙත එල්ල කරන අතර එයින් පරාවර්තනය වන X කාණ්ඩයේ රේඩාර් තරංග ඡායා මිසයිලයේ target seeker මගින් හඳුනාගෙන මිසයිලයේ එල්ලය තබාගනී.
මෙම පද්ධතියේ අවසාන තාක්ශණික ජයග්‍රහණය වන්නේ මිසයිලයට ශබ්දයේ වේගය මෙන් 6ගුණයක වේගයෙන් ඉලක්කය හඹායාමේ හැකියාවයි. මිසයිලයේ ඇති target seeker මගින් නිරන්තරවම මිසයිලය යානයවෙත ඉලක්ක කොට තබාගන්නා අතර අධික වේගය නිසා මිනිත්තු දෙක තුනකදී සතුරු යානය වෙත ලඟා වීමට මිසයිලයට හැකියාව තිබේ.