Vesak Illuminating Kite
Airshow – 2026
වෙසක් ප්‍රදීප ගුවන් සරුංගල් සංදර්ශනය – 2026
ශ්‍රී ලංකා රාවණ ගුවන් සරුංගල් සංගමය (RAKASL) විසින් සංවිධානය කරනු ලබන “වෙසක් ප්‍රදීප ගුවන් සරුංගල් සංදර්ශනය – 2026” වෙසක් සංස්කෘතිය, නිර්මාණශීලීත්වය, ආලෝකකරණය සහ සරුංගල් කලාව එක්කරන සුවිශේෂී ජාතික වෙසක් උත්සවයකි.
මෙම විශේෂ රාත්‍රී ගුවන් සරුංගල් ප්‍රදර්ශනය 2026 මැයි 26 සිට 30 දක්වා, සෑම දිනකම සවස 7.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.
සහභාගීවන්නන්ට පහත අංග ඇතුළත් කරමින් වෙසක් තේමාවට අදාළ ආලෝකමත් සරුංගල් නිර්මාණය කර ගුවන්ගත කළ හැකියි:
බෞද්ධ ආගමික පණිවිඩ
වෙසක් කූඩු සහ සැරසිලි
වෙසක් සම්ප්‍රදායන් ආශ්රිත ආලෝකමත් නිර්මාණශීලී සැලසුම්
භාවිත කළ හැකි ආලෝක පද්ධති:
✅ LED ආලෝක පද්ධති
✅ ඉන්වර්ටර් මඟින් ක්‍රියාත්මක වන AC බල්බ
ආරක්ෂක උපදෙස්:
❌ ගිනි භාවිත කරන හෝ විවෘත ගිනි ආලෝක උපකරණ භාවිත කිරීම දැඩි ලෙස තහනම්ය.
සියලුම සහභාගීකරුවන්ගේ වෙසක් ආලෝකමත් සරුංගල් සහ පහන් නිර්මාණ RAKA නිල Facebook පිටුවේ ප්‍රදර්ශනය කරනු ලබන අතර, එය සාමය, නිර්මාණශීලීත්වය සහ සංස්කෘතික එකමුතුව ප්‍රවර්ධනය කරනු ඇත.
🏆 තරඟ ත්‍යාග
හොඳම වෙසක් ආලෝකමත් ගුවන් සරුංගල් තුන සඳහා ආකර්ෂණීය මුදල් ත්‍යාග පිරිනැමේ:
🥇 පළමු ස්ථානය – රු. 25,000/-
🥈 දෙවන ස්ථානය – රු. 15,000/-
🥉 තෙවන ස්ථානය – රු. 10,000/-
මීට අමතරව, සියලුම සහභාගීවන්නන්ට වටිනා E-සහතිකපතක් RAKASL විසින් පිරිනමනු ලැබේ.
මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම සංවිධානය හා අනුග්‍රහය දරන්නේ ශ්‍රී ලංකා රාවණ ගුවන් සරුංගල් සංගමය (RAKASL) විසිනි.
🕊️ “වෙසක් ආලෝකයේ සාමය, සමාදානය සහ නිර්මාණශීලීත්වය අහසට රැගෙන යමු.”
Vesak Illuminating Kite Airshow – 2026
The Ravana Aviation Kite Association of Sri Lanka (RAKASL) proudly presents the “Vesak Illuminating Kite Airshow – 2026”, a unique national Vesak celebration combining Buddhist culture, creativity, illumination, and the traditional art of kite flying.
This spectacular night airshow will be held from 26th to 30th May 2026, daily from 7.00 PM to 10.00 PM.
Participants are invited to create and fly illuminated Vesak-themed kites featuring:
Buddhist religious messages
Vesak lantern decorations
Illuminated artistic designs inspired by Vesak traditions
Allowed Lighting Systems:
✅ LED lighting systems
✅ Inverter-powered AC bulbs
Safety Regulations:
❌ Fire-based lighting items or open flames are strictly prohibited.
All participating Vesak illuminating kites and flying lantern creations will be showcased on the official RAKA Facebook page, promoting creativity, peace, and cultural unity.
🏆 Competition Awards
The competition will recognize the Top Three Best Vesak Illuminating Flying Kites with attractive cash prizes:
🥇 1st Place – Rs. 25,000/-
🥈 2nd Place – Rs. 15,000/-
🥉 3rd Place – Rs. 10,000/-
In addition, all participants will receive a valuable E-Certificate issued by RAKASL.
This event is proudly organized and fully sponsored by the Ravana Aviation Kite Association of Sri Lanka (RAKASL).
🕊️ “Let the light of Vesak rise into the night sky through peace, harmony, and creativity.”
